මෙහෙවර ප්‍රකාශය

ආදර්ශ පාඨය

"සුඛො පඤ්ඤාය පටිලාභො"
(නුවණ සැපයට හේතුවේ)

පිරිවෙන යුග මෙහෙවර

මහින්දාගමනය උදා කළ ලක්දිව ජන ජීවිතය ගුණ නැණ දෙයාංශයෙන් පරිපෝෂිත, ජාතික අධ්‍යාපන උරුමය ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය පිරිවෙනයි. ඒ වු කලී භික්ෂුන් සඳහා පමණක් සීමා නොවු අතර ගිහියන් සඳහා ද විවෘතව පැවති බව ඉතිහාසය දෙස් දෙයි. සමය සමයාන්තර භාෂා සාහිත්‍ය කලා ශිල්ප ආදී විවිධ ක්ෂේත්‍රයන් හි සංවර්ධනයට සහ සංරක්ෂණයට ඇප කැප වු ලාංකේය අනන්‍යතාවය, ප්‍රෞඪත්වය, අවිච්චින්නව රැකගෙන ආ විශිෂ්ට ජාතික අධ්‍යාපන ආයතනය පිරිවෙනයි.

අපගේ මෙහෙවර ප්‍රකාශය

පවත්නා සමාජ, ආර්ථීක, දේශපාලන, සංස්කෘතික හා පාරිසරික අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක්සේ නොසැලී සිටින,  සදාචාරවත්, ගුණ ගරුක,  සෞඛ්‍ය සම්පන්න දිරිමත් මිනිසෙකු නිර්මාණය කිරීම අපගේ මෙහෙවරයි.

දැක්ම

" පිරිපුන් මනසක්  -  නිවුණු හදවතක් "

අරමුණු

  • ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව පරිවේණික අධ්‍යාපන කි්‍රයාවලිය මෙහෙයවීම
  • දරුවන් තුළ ඇති විභව ශක්තීන් හඳුනාගෙන ඔවුන්ගේ බුද්ධිි මණ්ඩල විකසිත කිරීම
  • විහාරස්ථ පාරිවේණික පරිසරය මගින් දරුවන් තුළ ගුණාත්මක චර්යාමය සංවර්ධනයක් ඇති කිරීම